Saturday, 25 February 2012
කල යුත්ත
අපි තවම ගත කරන්නේ මළ අතීතය තුලත්, නොඉපදුන අනාගතය තුලත්ය..එහෙත් සත්‍ය ලෙසම පවතින්නේ ඇතිව නැතිව යන වර්තමානයක් බව ප්‍රත්‍යක්ෂයෙන්ම දැක නැහැ..ඒ නුවන ලබාගෙන නැහැ..අතීතය නිරුද්ධ වෙලා, අනාගතය හට ගෙන නැහැ, වර්තමානයද ඇතිව නැතිව යන මේ ඇත්ත හරියටම පෙනෙන දවසට මේ ලෝකය මේ පැවැත්ම ගැන කල කිරීම ඇතිවෙනවා..කලකිරෙන්නේ නොඇලෙන්නමයි..එවිට මේ තුන් කාලයෙන්ම මිදුනා යැයි නුවන පහළ වෙනවා..යමක් සදහා මේ බ්‍රහ්මචරියාවේ හැසිරිලා ඉවරයි..කල යුත්ත කලා..දැන් ආයෙත් උපදින්නේ නැහැ..එනම් පංචඋපාදානස්කන්ධ දුක උපදින්නේ නැහැ..අතීතය ඇති බවට අනාගතය ඇති බවට උපදින්න තියෙන හේතුව නිරුද්ධ වෙලා..යමක් සිහිවන විට එය නැති කල හැකි වුවත් නැවත නැවත සිහිවන ගතිය නැති කල නොහැක..එහෙත් නැවත නැවත සිහිවන ගතියද නැතිකල බව...එනම් ඉපදීම නැති කල බව එනම් නූපදින බව ප්‍රත්‍යක්ෂ කලා...නූපදිනම බවයි නිවන..එනම් ඉපදීම ඉවරයි..කල යුත්ත කලා...........................................................
බ්‍රහ්මචරියාවේ හැසිරිලා ඉවරයි..කල යුත්ත කලා..මතු කල යුත්තක් නැහැ කියන ඥණ දර්ශනය ගන්න හදන්න එපා..ගන්න බැහැ..කෙලෙසුන්ගෙන් මිදුනහම, මිදුනා කියන නුවන ඉබේම ලැබේවි..........
මිදීම ගන්න හදන්න එපා..ගන්න බැහැ..ඒ සදහා මහන්සි වෙන්නත් එපා..නොඇලුනු දවසට මිදේවි..........
නොඇලීම කියන එක ගන්න බැහැ..නොඇලී ඉන්න බැහැ..නොඇලී ඉන්න හදන්න එපා..කළකිරුනු දවසට නොඇලෙනවා කියන එක වෙයි..........
හිතලා කලකිරෙන්න හදන්න එපා..බැහැ..එවිට ඒ කලකිරෙන්න හදන එක තුල වුවත් පුද්ගලයෙක් ඉන්නවා..ඇත්ත ඇති සැටියෙන් දැක්ක විට ඉබේම කලකිරෙයි..........
ඇත්ත ඇති සැටියෙන් බලන්න හදන්න එපා..බලන්න යන්න එපා..එහෙම ගියා කියලා පෙනෙන්නේ නැහැ..හිත සමාධි වුන දවසට ඇත්ත ඇති සැටියෙන් පෙනෙයි..........
හිත සමාධි කරන්න හදන්න නම් එපා..හිත සමාධි කරන්න බැහැ..හිත කය දෙක සැප සහගත දවසට හිත සමාධි ගත වෙයි.........
හිත කය දෙක සැප සහගත කරන්න නම් හදන්න එපා..කරන්න බැහැ..හිත කය දෙක සංසිදි දවසට හිත කය සැප සහගත වෙයි..........
හිත කය දෙක සංසිදුවා ගන්න නම් හදන්න එපා..එහෙම වෙන්නේ නැහැ..නිරාමිස ප්‍රීතියක් ඇති වුන දවසට හිත කය දෙක සංසිදේ..........
නිරාමිස ප්‍රීතිය කියන එක ගන්න හදන්න එපා..ගන්න බැහැ..ප්‍රමෝදය ඇති කල්හි නිරාමිස ප්‍රීතිය ඇති වේ..........
ප්‍රමෝදය කියන එක ගන්න හදන්න එපා..ගන්න බැහැ..යෝනිසෝ මනසිකාරය ඇති කල්හි ප්‍රමෝදය ඇති වේ..........
යෝනිසෝ මනසිකාරය කල හැකියි..........
එනම් කල යුත්තේ වීර්යයක හිත පිහිටුවා යෝනිසෝ මනසිකාරය කිරීමයි..........
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිපාදයන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරිනි...
මෙම වටිනා දේශනා ශ්‍රවනය කිරීමට පහත අඩවියට යන්න
http://venerablesudassana.org/
Subscribe to:
Post Comments (Atom)


Really good one! Thanks. Please do more from Ven Sudassana Thero's sermons.
ReplyDeleteDefinitely.....I will do it. Thanks for the comment...
ReplyDelete